2018 කප් සිටුවීම

ඓතිහාසික ගඩලාදෙණිය ශ්රි සද්ධර්මතිලක රාජමහා විහාරයෙහි සහ ගඩලාදෙණිය ශ්රී විෂ්ණු දේවාලයෙහි වාර්ෂික ඇසළ පෙරහැර මංගල්යයෙහි සමාරම්භය සනිටුහන් කරමින් පෙරසිරිත් ප්රකාර ව සැප්කැම්බර් මස 22 වන දින එනම් අද දින පූර්වභාග 05.35 ට යෙදුණු සුභ මොහොතින් කප් සිටුවීමේ චාරිතරය සිදුකරන ලදී.

අනතුරු ව සිරිත් පරිදි ඇතුල් පෙරහැර පවත්වා සැප්තැම්බර් මස 27 වැනි දින සිට පුරා දින පහක් පුරා කුඹල් පෙරහැර පහක් සිදුකොට ඔක්තෝම්බර් මස 2 වැනි දින රන්දෝලි පෙරහැර ආරම්භ කොට 5 සහ 6 යන දෙදින ගඩලාදෙණිහ ශ්රී සද්ධර්මතිලක රාජමහා විහාරය හා ශ්රී විෂ්ණු දේවාලය ඒකාබද්ධ ව රන්දෝලි පෙරහැර පවත්වනු ලැබේ. අනතුරු ව සිරිත් පරිදි ඔක්තෝම්බර් මස 7 වන ඉරු දින හිමිදිරියෙහි දියකැපුම් පෙරහැර ශ්රී විෂ්ණු දේවාලයෙන් පිටත් ව ගැටඹේ තොට කරා ගොස් දිය කැපීම සිදුකොට එදින දහවල් පෙරහැර පවත්වා පෙරහැර මංගල්ලය නිමාවට පත් කිරීමට නියමිත ය. 







Gadaladeniya Royal Temple
Gadaladeniya Royal Temple

This is a short biography of the post author. Maecenas nec odio et ante tincidunt tempus donec vitae sapien ut libero venenatis faucibus nullam quis ante maecenas nec odio et ante tincidunt tempus donec.

No comments:

Post a Comment